May 09, 2024

ඔය ඇමති කියන විදිහේ නීතියක් පනවා නැහැ - මහින්දානන්දගෙන් පිළිතුරු (VIDEO)

මහ කන්නයේ සිට රසායනික පොහොර භාවිතා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කරන බවට එක්තරා අමාත්‍යවරයෙකු මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය සත්‍යයක් දැයි කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා ප්‍රශ්න කළා.

සමගි ජන බලවේගය නියෝජනය කරන අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් විමසා සිටියේ මහ කන්නයේ සිට රසායනික පොහොර මෙන්ම වල් නාශක භාවිතා කිරීමට නොහැකිද කියාය.

මම එහෙම එකක් ගැන දන්නේ නැහැ

ඊට පිළිතුරු දෙමින් මහින්දානන්දඅලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ තමා ඒ අමාත්‍යවරයාගේ ප්‍රකාශය දැක්කේ නැති බවය.

එහෙත් එහෙම නීතියක් පනවා නැති බව සඳහන් කළ අමාත්‍යවරයා පොහොර ආනයනය නතර කළ පසු පාවිච්චි කරන්න රසායනික පොහොරක් රටේ නැති බව ද පෙන්වා දුන්නා.

වෙනම බලපත්‍රයක් හරහා පළිබෝධ නාශක රටට

එහෙත් වෙනම බලපත්‍රයක් හරහා පලිබෝධ නාශක කිහිපයක් ගෙන්වා ගන්නා බවද අමාත්‍යවරයා දැනුම් දෙනවා.

අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා අදාළ ප්‍රකාශය කළ අමාත්‍යවරයාගේ නම හෙළි නොකළද එම ප්‍රකාශය කරන ලද්දේ එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයායි.

ඔහු මෙම ප්‍රකාශය කරන ලද්දේ මාධ්‍ය අමතමිනි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 June 2021 13:30