May 09, 2024

එයාගේ දැනුම මදි - මහින්දානන්ද ලොකු පුටු මාරු කරයි

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එමි.බී. රෝහණ පුෂ්පකුමාර මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා පළ විය.

ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති බව දැනගන්නට තිබුණි.

මතු වී ඇති පොහොර ප්‍රශ්නයද ඔහුගේ ඉල්ලා අස්වීමට බලපා ඇතැයි ද සඳහන් වෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද සිය අමාත්‍යාංශයේ ලේකම් ධූරය පිළිබඳ අදහස් පළ කර තිබුණා.

ඒ නාවලපිටිය ප්‍රදේශයේ අද (06) දින පැවති මාධ්‍යය හමුවකදීය.

කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපතිවරයාව පත් කරන බව එහිදී අමාත්‍යවරයා පැවසුවා.

මට ඕන මේ අය - කෘෂි ඇමැති දැනුම මැන බලයි

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍යංශයේ හිටපු ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඔහුගේ පුද්ගලික හේතුවක් මත සිය තනතුරෙන් ඉල්ලා අස්විමේ ලිපිය තමන්ට භාරදුන් බවයි.

හිටපු ලේකම්වරයා අස්විමට වෙනත් කිසිදු හේතුවක් නොමැති බවත්, තම අමාත්‍යංශයට අවශ්‍ය කාබනික විෂය පිලිබදව මනා දැනුමක් ඇති අය නිසා තම අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපතිවරයා පත් කිරිමට තිරණය කල බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රටේ කිසිදු රසායනික පොහොර හිගයක් නොමැති බවත්, පොහොර ආනයනය කිරිම ගැසට් නිවේදනයක් මගින් නතර කිරිම සමග ඇති වු රසායනික පොහොර හිගය විසදුමක් වශයෙන් එම රසායනික පොහොර තොග පෞද්ගලික අංශයෙන් ලබාගෙන එම පොහොර තොග මේ වන විට ගොවින් අතට පත් කිරිමට පියවර ගෙන ඇති බවයි.

රසායනික පොහොර භාවිතය මෙරටින් තුරන් කර කාබනික පොහොර භාවිතයට මේ රටේ ගොවින් යොමු කරන බවයි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේ.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 06 June 2021 13:13