May 03, 2024

ශ්‍රී ලංකාව වැටුණු අලුත්ම ලැයිස්තුව

කොවිඩ් 19 වසංගත තත්වයේ තුන්වැනි රැල්ල මෙරට පැතිර යාමත් සමග ශ්‍රී ලංකාව රතු ලැයිස්තුගත කිරීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 07ක් මෙලෙස රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට යි තීරණය කර ඇත්තේ.

මෙම රතු ලැයිස්තුවෙහි සඳහන් රටවල්වලින් එංගලන්තයට පැමිණීමේ දී එම පුද්ගලයින් අනිවාර්ය නිරෝධායන කාලසීමාවකට යටත් විය යුතුයි.

ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ගනිස්ථානය, බහරේනය, කොස්ටාරිකාව, ඊජිප්තුව, සුඩානය සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යන රාජ්‍යයන් මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 04 June 2021 08:04