May 19, 2024

දරුවන් අනතුරේ! කොවිඩ් සමග පැතිරෙන ළමා රෝගයක් ගැන අනාවරණයක්!

මේවන විට දරුවන් අතරේ පැතිර යන රෝගයක් පිළිබඳව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා විශේෂ අනාවරණයක් සිදු කොට තිබෙනවා.

ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙය උණ රෝගී තත්ත්වයක් බවයි.

බහු පද්ධති ප‍්‍රදාහක රෝගතාවය නමින් මෙම උණ රෝගය හැඳින්වෙනවා.

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ මෙම රෝගය අවුරුදු 5 ත් 16 ත් අතර වයසේ පසුවන දරුවන් අතරේ වැඩි වශයෙන් පවතින බව යි.

 

මේ පිළිබඳව තවදුරටත් කතාකළ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙසේද කියා සිටියේය.

ඇස් රතුවීම, දිව රතුවීම, සම රතුවීම, හන්දි කැක්කුම, හන්දි ඉදිමීම, සමේ කුෂ්ඨයක් හෝ බිබිළි වැනි ස්වභාවයක් ඇති වීම මෙහි මූලික රෝග ලක්ෂණ බව ඔහු පවසනවා.

මෙම රෝග ලක්ෂණ හෝ දින 14කට වඩා උණ පවතින්නේ නම් හෝ අනිවාර්යයෙන්ම රෝහල්ගත වන ලෙසට වෛද්‍යවරයා ඉල්ලා සිටිනවා.

එමෙන්ම මෙම රෝගය කොවිඩ් 19 රෝගී තත්ත්වයේ අතුරුඵලයක් ලෙස ද හැඳින්විය හැකි බවයි වෛද්‍ය දීපාල් පෙරේරා අනාවරණය කරන්නේ

 

මෙම රොගී තත්ත්වය වැළඳීමෙන් දරුවන්ගේ පෙනහලු, හෘදය, මොළය සහ අක්මාව වැනි ඉන්ද්‍රීයයන්ට දැඩි බලපෑම් ඇති විය හැකි බවට ද ඔහු අනතුරු අඟවනවා.

එබැවින් රෝග ලක්ෂණ නිවැරදිව හඳුණාගෙන දැඩිසත්කාර ඒකකයක් වෙත දරුවා ඇතුළත් කිරීම සුදුසු බව ඔහු පවසනවා.

මේවන විට ඉන්දියාවේ දරුවන් අතර මෙය සීග්‍ර ලෙස පැතිර යමින් පවතින බව යි වාර්තා වන්නේ.

Rate this item
(3 votes)