May 10, 2024

ඇඟලුම් සේවක සේවිකාවන්ට සුබ ආරංචියක්

මෙරට ඇඟලුම් කර්මාන්ත ශාලවන්හි සේවක සේවිකාවන් වෙත විශේෂ කොවිඩ් 19 මර්ධන එන්නත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කොට ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් හට මෙය ලබා දීමට යි ජාතික කොවිඩ් පාලන මෙහෙයුම් කමිටුව තීරණය කර ඇත්තේ.

මෙම වැඩසටහන ජුනි මස මුල් සතියේ සිට ආරම්භ කිරීමට සැළසුම් කොට ඇති බව පුවත් ආරංචි මාර්ග සඳහන් කළා.

මෙරට ප්‍රධාන පෙළේ ඇඟලුම් කම්හල්වල සේවක සේවිකාවන් රැසකට මේවන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ නිසා ඇඟලුම් ක්ෂේත්‍රයේ බිඳවැටීමක් මතුවීමේ අවදානමක් මතුව ඇති බවත් එය වැළැක්වීම සඳහා මෙම විශේෂ එන්නත්කරණ වැඩසටහන සැළසුම් කළ බවත් පැවසෙනවා.

ඒ අනුව එම සේවක සේවිකාවන් හට චීනයෙන් ගෙන්වූ සයිනොෆාම් එන්නත ලබා දීම යි යෝජනා වී ඇත්තේ.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 30 May 2021 09:29