May 03, 2024

කොවිඩ් එන්නත මෙරටදීම සාදයි - ෆැක්ටරිය ඇරෙන තැන මෙන්න

සිනොවැක් කොවිඩ් මර්ධන එන්නත මෙරට දී නිෂ්පාදනය කිරීමට සූදානම්වන බව වාර්තා වෙනවා.

ඒ අනුව අදාළ එන්නත් කර්මාන්තශාලාව මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ ආරම්භ කිරීමට යි යෝජනා වී ඇත්තේ.

කොවිඩ් මර්දන සිනොවැක් එන්නත මෙරට තුළ දීම නිෂ්පාදනය කිරීමට අදාළ කැබිනට් සංදේශය සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින් ඉදිරිපත් කළ අතර පසුගිය දා එයට අනුමැතිය හිමි වූවා.

චිනයේ සිනොවැක් බයෝටෙක් සමාගම, කෙලුන්ලයිෆ් සයන්සස් සමාගම සහ මෙරට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම එක්ව එම එන්නත් නිෂ්පාදනය කිරීමට සූදානම් වනවා.

එන්නත් ලබා ගැනීමට ලොව පුරා දැඩි තරගයක් නිර්මාණය වී තිබෙන අතර මේ හේතුවෙන් විදෙස් රටවල සිට එන්නත් ලබා ගැනීම ද ගැටළුවක් වී තිබෙනවා.

ඊට පිළියමක් ලෙසයි කොවිඩ් මර්ධන එන්නත් මෙරට තුළම නිෂ්පාදනය කිරීමට රජය සූදානම් වී ඇත්තේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 May 2021 18:24