May 19, 2024

"ආහාර හා ඖෂධ රැස් කරගන්න" - හමුදාපති දැනුම් දෙයි

මෙම දින කිහිපයේ දී අත්‍යාවශ්‍ය ඖෂධ සහ ආහාර පාන ආදිය නිවෙස් තුළ එක් රැස් කරගන්නා ලෙස කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජාතික පුවත් පතක් වෙත පවසා තිබෙනවා.

සතියකට ආසන්න කාලයක් රට තුළ සංචරණ සීමා පැනවීමට නියමිත බවත්, ඒ පිළිබඳ කල් තියා දැනුම් දෙන්නේ ද ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ එක්රැස් කරගැනීමට බවත් ඔහු ප්‍රකාශ කර ඇති බව සඳහන්.

 

මෙම සංචරණ සීමාවන් හෙට (21) රාත්‍රී 11.00 සිට අඟහරුවාදා (25) අළුයම 4.00 දක්වා පැනවෙන අතර යළි එදින, එනම් අඟහරුවාදා (25) රාත්‍රී 11.00 සිට සිකුරාදා (28) අළුයම 4.00 දක්වා ද පැනවීමට නියමිතව තිබෙනවා.

එම සීමා මුලු දිවයිනටම ක්‍රියාත්මක යි.

මැයි 22, 23, 24 දිනවල පූර්ණ වශයෙන් දිවයින තුළ සංචරණ සීමා ක්‍රියාත්මකවන අතර මැයි 25 වැනි දින පැය 19ක කාලයක් සඳහා පමණක් එය ලිහිල් කෙරෙනවා.

සංචරණ සීමා පනවා ඇති කාලය තුළ කිසි කෙනෙකු මංමාවත්වල ගමන් ගැනීම නොකළ යුතුවනවා මෙන්ම නිවෙස් තුළට පිටස්තරයින් රැස්කර ගැනීම ද තහනම් බව යුදහමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 24 July 2021 10:28