May 14, 2024

කොවිඩ් එන්නත විදගත් අයට විශේෂ දැනුම් දීමක් Featured

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්ධන එන්නත ලබා ගත් පුද්ගලයින්ට සෞඛ්‍ය අංශ විශේෂ දැනුම් දීමක් සිදු කරනවා.

පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් ජනතාව දෙවැනි මාත්‍රාව ලෙස සයිනොෆාම් එන්නත ලබාගැනීමෙන් වැළකිය යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ඊයේ දින (19) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසූවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආර්නෝල්ඩ් විසින්.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එය නිර්දේශ කර නොමැති බවයි.

මීට පෙර කොවිඩ් රෝගය වැළඳී සුව වූ පුද්ගලයින් ද කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම වැදගත් බව ඔහු පවසනවා.

එමෙන්ම එන්නත ලබාගැනීමෙන් පමණක් කොවිඩ් ව්‍යාප්තිය වැළැක්විය නොහැකි බව ද විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආර්නෝල්ඩ් වැඩිදුරටත් අවධාරණය කළා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 May 2021 06:58