June 19, 2024

ලැයිස්තුව නිකුත් වෙයි - වැඩිම කොවිඩ් මරණ වාර්තාව යළි අලුත් වෙයි

මෙරට සිදු වූ නව කොවිඩ් 19 ආසාදිත මරණ පිළීබඳ දෛනික වාර්තාව ඊයේ (19) රාත්‍රියේ ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබුවා.

එම වාර්තාවට අනුව ඊයේ දින තහවුරු වී තිබෙන්නේ මෙරට ඉතිහාසයේ දෛනිකව තහවුරු වූ වැඩිම කොවිඩ් මරණ ගණනයි.

එම ගණන 36ක්.

මෙයට පෙර වැඩිම දෛනික මරණ ගණනක් තහවුරු වූයේ පෙරේදා (18) දිනයේවන අතර එම ගණන වූයේ 34 ක්.

දිවයිය පුරා විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් ඊයේ දින තහවුරු වූ මරණ 36ට ඇතුලත්වනවා.

පිරිමි පුද්ගලයින් 19ක් සහ කාන්තාවන් 17 දෙනෙකු මියගිය පිරිසට අයත්.

මෙම පිරිස අතර 27 හැවිරිදි තරුණියක් ද සිටින අතර ඇය මියගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියාවෙන්.

නව මරණ 36ත් සමග මෙරට සමස්ත මරණ ගණන 1051 දක්වා වර්ධනය වූවා.

සිදුව ඇති නව මරණ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් වාර්තාව පහතින්...

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 May 2021 06:32