May 18, 2024

පාස්කු ප්‍රහාරය ගැන පොලිස් පරීක්ෂණ වල අඩු පාඩුවක් නැහැ - ඇමතිගෙන් නීතිපතිට පිළිතුරු

පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන පිළිබඳව කිසිවෙකුත් සැකයක් තබා ගත යුතු නැති බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරන ලදී.

දැනටමත් විත්තිකරුවන් 9 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බවත් ඉදිරියේදී අනිකුත් විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව හා පොලිසිය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා හෙළිදරව් කරයි.

අමාත්‍යවරයා මෙවන් විශේෂ ප්‍රකාශයක් කිරීමට හේතු වූයේ එළබෙන 24 වෙනි දින සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත නීතිපති දප්පුල ද ලිවේරා මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින විත්තිකරුවන්ට නඩු පැවරීමට නොහැකි බවට කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී ඊට හේතුව ලෙස නීතිපතිවරයා පෙන්වා දී තිබෙන්නේ පොලිස් විමර්ශන වාර්තාවල අඩුපාඩු රැසක් තිබීමය.

මේ සියල්ලටම පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරු ලෙස විමර්ශනවලදී හඳුන්වා ගෙන තිබෙනවා යැයි පැවසෙන නව්ෆර් මව්ලවි පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව විග්‍රහයක්ද කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 May 2021 14:25

Related items