May 13, 2024

කොවිඩ් එන්නත් සඳහා ලියාපදිංචියට වෙබ් අඩවියක්

කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමට බලාපොරොත්තු වන ජනතාවගේ පහසුව සඳහා වෙබ් පිටුවක් නිර්මාණය කිරීමට රජය කටයුතු කර තිබෙනවා.

මෙම වෙබ් අඩවිය සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එක් වී සකසා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වී කොවිඩ් මර්ධන එන්නත් ලබා ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවන අතර ඒ සඳහා දිනයක්, වේලාවක් සහ මධ්‍යස්ථානයක් වෙන්කර ගැනීමේ අවස්ථාවද හිමිවනවා.

මේ හරහා ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති "එන්නත්කරණ සහතිකයක්" හිමිකර ගැනීමට ද ජනතාවට හැකිවනු ඇති බවට පැවසෙනවා.

මෙම වෙබ් පිටුව ඉදිරි දින දෙක තුළ එළිදැක්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

Rate this item
(5 votes)
Last modified on Wednesday, 19 May 2021 13:19