June 18, 2024

මෙරට ඉතිහාසයේ වැඩිම කොවිඩ් මරණ ගණන වාර්තා වෙයි - මුලු මරණ 1000 පනියි Featured

මෙරට තුළින් දෛනිකව තහහුරු වූ වැඩිම කොවිඩ් 19 ආසාදිත මරණ ගණන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා.

මේ බව සඳහන් වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තහවුරු කිරීම යටතේ නිකුත්වන දෛනික කොවිඩ් මරණ නිවේදනයේ යි.

ඒ අනුව අලුත් කොවිඩ් 19 ආසාදිත මරණ 34ක් වාර්තා වී තිබෙනවා.

මියගිය පිරිස අතර රත්නපුර පදිංචිකරුවෙකු වූ 20 හැවිරිදි තරුණයෙකු ද සිටින අතර උග්‍ර කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් ඔහු මරණයට පත්ව ඇත්තේ හෝමාගම මූලික රෝහලේ දී.

මෙම මරණ ගණනත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 1000 ඉක්මවා ගිය අතර මුළු මරණ ගනන දැක්වෙන්නේ 1015ක් ලෙසින්.

රුවන්වැල්ල, මට්ටක්කුලිය, නාවලපිටිය, පුත්තලම, කහටගස්දිගිලිය, අලවතුගොඩ, පස්යාල, මුලටියන, පමුණුවත්ත, මඩපාත, අඟුලුගහ, ගොඩකන්ද, තල්ගස්වල, රත්ගම, රත්නපුර, උඩුමුල්ල, රාගම, අතුරුගිරිය, කිරිඳිවැල, දෙමටගොඩ, වැල්ලම්පිටිය, කොළඹ 02, නුගේගොඩ, කන්දපොල, පන්නල, බණ්ඩාරගම, ඉංගිරිය, මහගම, කැප්පෙටිපොල, කැටබෝල, වටිනාපහ සහ මයිලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් 34 දෙනෙකු මෙලෙස මරණයට පත් ව තිබෙනවා.

මෙම පිරිසෙන් 18ක් පුරුෂයින් ද 16 කාන්තාවන් ද වනවා.

නව මරණ 34 පිළිබඳ සවිස්තර වාර්තාව පහතින්..

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 May 2021 08:48