April 27, 2024

තත්ත්වය බරපතළයි - ජාතික රෝහලේ හදිසි අනතුරු ස්කෑන් නවතියි

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකිරණවේදීන් පිරිසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ හේතුවෙන් ජාතික රෝහල් හදිසි අනතුරු අංශයේ MRI සහ CT ස්කෑන් අංශ වසා දමා ඇති බව වාර්තා වුණා.

විකිරණවේදීන් 13දෙනෙකු මෙලෙස ආසාදනය වී ඇති බව සඳහන්.

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකිර්ති ඈපා පවසන්නේ මේ වනවිට දිවයින පුරා රජයේ ‍රෝහල්වල සේවය කරන විකිරණවේදීන් 18 දෙනෙක් වෛරසයට ගොදුරු වී ඇති බවයි.

ඉන් 13 දෙනෙක්ම ජාතික රෝහලේ විකිරණවේදින් වීම බරපතළ තත්ත්වයක් බව ද ඔහු පෙන්වා දෙනවා.

ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට ජාතික රෝහලේ විකිරණ ශිල්පී අධිකාරිවරයා ද ආසාදිත වී ඇති බවයි.

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් අවශ්‍ය ප්‍රමාණයෙන් මේ වනවිට රෝහල්වල සිටින්නේ 50%ක ප්‍රමාණයක් බවත් පවතින තත්ත්වය යටතේ එය තව දුරටත් බරපතළ ගැටළුවක් බවට පත් වෙමින් පවතින බවත් ඔහු සඳහන් කරනවා.

එමෙන්ම රජයේ සේවයේ ගැබිණි මවුවුරුන් සේවයට නොකැඳවන ලෙස සඳහන් චක්‍රලේඛයක් පවා නිකුත්ව ඇති පසුබිමක පොලොන්නරුව ‍රෝහලේ සේවය කරන ගැබිණි විකිරණ තාක්ෂණවේදිනියකට සේවයට පැමිණෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා බල කර ඇති බව ද ඔහු අනාවරණය කළා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 19 May 2021 06:31