May 18, 2024

කොවිඩ් ආසාදිත ගැබිණියන් වෙනම තැනකට

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවට හඳුණාගත් ගැබිණි කාන්තාවන් සඳහා වෙනම වාට්ටු සකස් කිරීමට අවධානය යොමුව තිබෙනවා.

මහ රෝහල්, ශික්ෂණ රෝහල් හා මූලික රෝහල් ආශ්‍රිතව මෙම වාට්ටු සකස් කිරීමට යි සැළසුම් කර ඇත්තේ

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ (10) දිනයේ යි.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ විද්‍යායතනය අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී යි.

ඒ අනුව ගැබිණි ආසාදිත කාන්තාවන් සඳහා වෙනම වාට්ටු සකස් කිරීම සඳහා රෝහල් අධ්‍යක්ෂවරුන්ට විශේෂ චක්‍රලේඛයක් අද (11) දින නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඊයේ පැවැති සාකච්ඡාවේ දී ගැබිණි කාන්තාවන් සඳහා කඩිනමින් එන්නත් ලබා දීම පිළිබඳව ද අවධානය යොමුව ඇති අතර මේ දිනවල පැතිර යන වෛරස ප්‍රභේදයේ භයානක බව සලකා ගැබිණි කාන්තාවන් හට ද එන්නත් ලබාදීම සුදුසු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ විද්‍යායතනය ප්‍රකාශ කොට තිබෙනවා.

ගැබිණි කාන්තාවන් 200 දෙනෙකුට පමණ මේවන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ද මෙම සාකච්ඡාවේ දී අනාවරණය වූ බව නාරිවේද විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ  විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප්ද සිල්වා සඳහන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 May 2021 09:04