May 17, 2024

දක්ෂිණ අධිවේගයේ යන අයට සුබ පණිවිඩයක්

වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව, කඩුවෙල හා කොතලාවල පිවිසුම් යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

එම අධිවේගී මාර්ගයේ නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ජේ.එන්.ලොඩ්වික් පැවසුවේ ලබන 15 වැනිදා සෙනසුරාදා එම පිවිසුම් විවෘත කිරීමට සූදානම්ව සිටින බවයි.

වසා දමා ඇති පිවිසුම් ස්ථානවලින් හදුනාගත් කොවිඩ් 19 ආසාදිත සේවකයින්ගේ නිරෝධායන කාලය ලබන 15වනදා අවසන් වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් කොවිඩ් 19 අවදානම හේතුවෙන් වසා දමා ඇති දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා ඉමදූව පිවිසුම් තවදුරටත් වසා තැබෙනු ඇති බව ද වාර්තා වනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 May 2021 08:24