May 18, 2024

මාස 3ක බිළිඳියක් ඇතුළු මෙරට ආසාදිතයින් 26ක් මරුට Featured

තවත් කොවිඩ් 19 ආසාදිත මරණ 26ක් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තහවුරු කිරීම යටතේ මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

මියගිය පිරිස අතර මාස තුනක් වයසැති බිළිඳියක් ද සිටීම විශේෂත්වයක්.

මෙම බිළිඳිය වත්තේගම ප්‍රදේශයේ වාසය කර ඇති අතර මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් නියුමෝනියාව සමග බහු ඉන්ද්‍රීය අක්‍රීය වීම හේතුවෙන් මරණයට පත්ව ඇති බව සඳහන්.

බිළිඳියට අමතරව මියගිය පිරිසෙන් 11ක් කාන්තාවන්වන අතර 14 දෙනෙකු පුරුෂයින් වනවා.

මෙම මරණ 26ත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 827 දක්වා ඉහළ ගියා.

සිදුව ඇති මරණ පිළිබඳ සවිස්තරාත්මක නිවේදනය පහතින්..

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 May 2021 08:11