May 18, 2024

දිස්ත්‍රික්ක 4ක ගම් 6ක් හුදෙකලා කෙරේ

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ අද (11) උදෑසන සිට ක්‍රියාත්මකවන පරිදි ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් මෙලෙස හුදෙකලා කළ බවයි.

දිස්ත්‍රික්ක 04කට අයත් ග්‍රාම නිලධාරී වසම් 06ක් මෙලෙස හුදෙකලා කර තිබෙනවා.

ඒ අනුව හුදෙකලා කර ඇති ප්‍රදේශ මෙසේයි..

මාතර දිස්ත්‍රික්කය

මාතර පොලිස් බල ප්‍රදේශය

උයන්වත්ත 417G ග්‍රාම නිලධාරී වසම

උයන්වත්ත උතුර 417D  ග්‍රාම නිලධාරී වසම

මාතලේ දිස්ත්‍රික්කය

රත්තොට පොලිස් බල ප්‍රදේශය

උඩහපුවිද E367 ග්‍රාම නිලධාරී වසම

මහනුවර දිස්ත්‍රික්කය

කඩුගන්නාව පොලිස් බල ප්‍රදේශය

වලගම්පාය ග්‍රාම නිලධාරී වසමේ කොස්තැන්න ගම

පුත්තලම දිස්ත්‍රික්කය

කොස්වත්ත පොලිස් බල ප්‍රදේශය

මැද කිරිමැටියාන 446A ග්‍රාම නිලධාරී වසම

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකදළුපොත ග්‍රාම නිලධාරීවසම හුදෙකලා බවින් ඉවත් කොට ඇති බව ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 May 2021 07:33