May 17, 2024

ගෑස් රු.1500 ට වඩා වැඩි නොකරන ලෙස ජනපති කිව්වා: ඒකයි මේක හදුන්වා දුන්නේ - ලිට්‍රෝ සභාපති

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1500ට අඩුවෙන් තබාගන්නා ලෙස ජනපතිවරයා තමාට උපදෙස් දී තිබෙන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා හෙළිදරව් කරයි.

ලීටර් 18 ක බරකින් යුත් ගෑස් සිලින්ඩරයක් රු. 1395 කට වෙළෙඳ පොළට හඳුන්වා දීමට සිය සමාගම තීරණය කළේ ඒ අනුව බවද සභාපතිවරයා පෙන්වා දෙයි.

මේ වන විට මෙම ගෑස් සිලින්ඩරය මතභේදාත්මක තත්ත්වයකට මුහුණ දී සිටියද සභාපතිවරයා පවසන්නේ නව සිලින්ඩරයේ අදාල ගෑස් ප්‍රමාණය හතර දෙනකු දෙනකු සිටින පවුලකට මාසයක් සඳහා ප්‍රමාණවත් බවය.

රු.1495 කට අලෙවි කරන කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර අලවියෙන්ද පාඩුවක් ලබන බව සභාපතිවරයා සඳහන් කරයි.

සභාපතිවරයා එක්තරා පෞද්ගලික රූපවාහිනි සේවයක් සමග සාකච්ඡාවකට එක්වෙමින් මෙම එළිදරව් කිරීම් කරන ලද්දේ මෙම නව ගෑස් සිලින්ඩර අලෙවිය හරහා පාරිභෝගිකයා මුලා කොට අඩු ගෑස් ප්‍රමාණයක් සඳහා වැඩි මුදලක් අය කරන බවට එල්ලවෙමින් තිබෙන චෝදනා වලට පිළිතුරු ලෙසය.

Rate this item
(0 votes)
Last modified on Monday, 03 May 2021 11:19