May 09, 2024

"කවුද මේ සහරාන් වගේ දෙන්නා" - මහින්දානන්ද මැතිසබේදී ප්‍රශ්න කරයි (VIDEO)

ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න කලින් තමන්ට බයක් තිබෙන බවත් ඒ චම්පික රණවක සහ විපක්ෂ නායකවරයාගේ ඇඳුම නිසා බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ "සහරාන්ව මතක්වෙනවා ඒ හා සමාන ඇඳුමක් ඇඳගෙන ඇවිත් තියෙන්නේ. එනිසා සහරාන් සිහිපත් කිරීමටද. අපිනම් කණගාටුව ප්‍රකාශ කිරීමට. ඇත්තටම ඔබතුමා සහරාන් වගේ"

අවුරුදු දෙකකට පස්සේ හරි ඔබතුමාලට සහරාන් මතක් කරපු එක ගැන සටුතු වෙනවා. අද හකීමුයි රිෂාඩ් දෙන්නම නෑ." යැයිද අමාත්‍යවරයා කියා සිටියේය.

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) දෙවසරක් පිරීම නිමිත්තෙන් ප්‍රහාරයෙන් මියගියවුවන් සිහිකිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සජබ මන්ත්‍රීවරුන් කළු පැහැ ඇඳුම් පැළද පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 April 2021 12:12