May 17, 2024

ගෑස් මිලේ වෙනසක් වෙයිද?

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ලබන සතිය වන විට රුපියල් 100 ත් 200 ත් අතර මුදලකින් ඉහළ යෑමට ඉඩ ඇති බවට වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික අරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසන්නේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක වර්තමාන මිලේ කිසිඳු වෙනසක් නොවන බවයි.

පාරිභොගික අධිකාරිය දැනට ක්‍රියාත්මක කරන ගැසට් පත්‍රයේ සඳහන් පරිදි කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1493 ක්, කිලෝ 5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 597 ක් සහ කිලෝ 2.3 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 298 ක් ලෙසම පවතින බවත් ඒ අනුව කිසිඳු මිල වැඩි වීමක් නොවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ගෑස් මිල ඉහළ දැමීමට මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බව ද ඔහු පැවසී ය.

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් ඇති බැවින් මිල ඉහළ දැමිය යුතු බවට ගෑස් සමාගම් මුදල් අමාත්‍යංශය, වෙළෙඳ අමාත්‍යංශය සහ පාරිභෝගික අධිකාරිය දැනුවත් කර තිබෙන බවත් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

මෙරට ප්‍රධාන ගෑස් සමාගම් දෙක වන ලාෆ් සහ ෂෙල් යන සමාගම් දෙකේ කිලෝ 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩයක මිල රුපියල් 1501 කි.

Rate this item
(0 votes)