May 17, 2024

ආණ්ඩුව ගැන ජනතාවගේ විශ්වාසය බිඳවැටිලා: හිඩසකට ඉඩ - රාජ්‍ය ඇමති අනතුරු අඟවයි

තමන්ද නියෝජනය කරන පොදුජන පෙරමුණ ආණ්ඩුව පිළිබඳව පොදුවේ මහජනතාව කලකිරී සිටින බව විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා ඒෂියන් මිරර් වෙත සදහන් කරයි.

තීන්දු තීරණ ගැනීමේ ප්‍රශ්නයක් මෙන්ම ගන්නා තීන්දු ක්‍රියාත්මක වීමේද ප්‍රශ්නයක් තිබෙන බවත් රට තුළ නිලධාරීවාදය දැන් තදින් ක්‍රියාත්මක වන බැවින් ජනපතිවරයා ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

මාස 8 පමණ වයසැති වත්මන් ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳව ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බැව් සඳහන් කරන ලදි.

"ජනතාවට ආර්ථික පීඩනයක් තිබෙනවා.ජනතාවට දැනෙන දේවල් සිද්ධ වෙන්නෙ නැහැ. අපිට තේරෙනවා රට තුළ යම් හිඩැසක් නිර්මාණය වෙමින් පවතිනවා" යැයි රාජ්‍ය අමාත්‍යවරයා අනතුරු ඇඟවීමක් ද කරයි.

ජනතාවගේ විශ්වාසය බිඳ වැටීමට හේතු වූ කරුණු කිහිපයක් පිළිබඳවද තොරතුරු හෙළිදරව් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ "පාස්කු ප්‍රහාරය ගැන ජනතාව බලාපොරොත්තු වුණා ස්වාධීන පරීක්ෂණයක් කෙරෙහි කියලා. මහ බැංකු බැඳුම්කර වංචාව ගැනත් කටයුතු කරයි කියලා. ඒවා පස්සට යද්දී ජනතාව තුළ අවිශ්වාසයක් ගොඩ නැගෙනවා.එහෙත් ඒ කලකිරීම ජනපතිවරයා වෙත එල්ලකිරීම වැරදියි" යන්නය.

Rate this item
(0 votes)
Last modified on Friday, 09 April 2021 13:11

Related items