April 24, 2024

"කිසිදු දේශීය සම්පතක් විදේශිකයන් සතු කරන්නේ නැහැ" අපි ජනතාවට කිව්වේ එහෙමයි - රාජ්‍ය ඇමති ආණ්ඩුවට මතක් කර දෙයි

තමන්ද නියෝජනය කරන වත්මන් ආණ්ඩුව බලයට පැමිණෙන විට ජනතාවට ලබා දුන් පොරොන්දුවක් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මතක් කර දෙනවා.

ඒ කිසිදු දේශීය සම්පතක් විදේශ සතු කරන්නේ නැති බවට දුන් පොරොන්දුවයි.

ජනතාවගේ බලාපොරොත්තුව

එම පොරොන්දුව නිසා රටේ සම්පත් අපි විසින්ම වැඩි දියුණු කරගෙන රට ඉදිරියට ගෙන යන ගමනකට මේ ආණ්ඩුව යනු ඇති බවට ආන්ඩුව බලයට ගෙන ආ ජනතාව තුළ විශාල බලාපොරොත්තුවක් තිබුණු බවයි රාජ්‍ය අමාත්‍යවරයාගේ මතය වන්නේ.

එසේ නැතිව වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන්න ජනතාව බලය නොදුන් බවත් වික්‍රමනායක මහතා අවධාරණය කරනවා.

අපේ රටේ සම්පත් අපේ රටේ ජනතාවගේ පරිභෝජනය සඳහා පමණක්ම තිබිය යුතු බව තම විශ්වාසය බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

සැඟවුණු න්‍යාය පත්‍ර

විවිධ රාජ්‍ය නායකයින් මෙරටට පැමිණීමත් අපේ රාජ්‍ය නායකයින් විදේශ රටවලට යෑම පිලිබඳවත් රාජ්‍ය අමාත්‍යවරයා මතයක් ඉදිරිපත් කරනවා.

ඒ ඔවුනොවුන් අතර සැඟවුණු න්‍යාය පත්‍රයන් තිබෙනවාද යන්න පිළිබඳවයි.

විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා දේශීය සම්පත් විදේශිකයන්ට විකිණීමට එරෙහිව කිහිප විටක්ම සිය මතය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබෙනවා.

ඉහත සඳහන් අදහස් ඔහු පළ කර තිබුණේ ගාල්ලේ පැවති මහාචාර්ය සෙනරත් පරණවිතාන අනුස්මරණ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය අමතා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 October 2021 02:22

Related items