March 29, 2024

වැරැද්ද පිළිගන්න ඕනේ - ඇමති විදුරගෙන් රතු එළියක්

December 04, 2021

ගෑස් සම්බන්ධයෙන් යම් ගැටළුවක් පවතින බවත් වරද පිළිගෙන හැකි ඉක්මනින් වරද නිවැරදි කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවා.

ඒ හොරණ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දැක්වුවා.

"අපිට වැරැද්දක් වුනා. පළවෙනි එක තමයි වැරැද්දක් වුණා කියලා පිළිගන්න ඕන. අපි ඔක්කොම මිනිස්සු ඒක නිසා වැරදි සිදුවෙන්න පුළුවන්. වැරැද්ද පිළිගෙන එය ඉක්මනින් හදන්න තමයි තිබුණේ. දැනටත් මේක පරක්කු වැඩේ මොකද මේ ගැසෙන්නට ජනතාව අතරට ගිහිල්ලා තියෙනවා. මුලින්ම දැන ගත්ත වෙලාවේ නවත්තලා හේ ගෑස් ටැංකි ටික ආපහු ගෙන්න ගත්තා නං මම හිතනවා මීට වැඩිය ආරක්ෂාවක් ජනතාව අතරට යනවා කියලා. අපි ගොඩක් වෙලාවට ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා. මිනිස්සුන්ට බයක් සැකක් නැතුව ගෙවල් වල ජීවත් වීමේ අයිතිය තියෙනවා. ගෑස් ටැංකියක් සල්ලි දීලා අරගෙන බය වෙලා ජීවත් වෙන්න ඕනෙද මිනිස්සු. අවදානම් සහිත ගෑස් ටැංකි නැවත ගෙන්වාගෙන මේ කටයුත්ත කරනවා නම් හොඳයි. අපි කොහොමත් ගෑස් සමාගම් වල ගෑස් බැලුවා. අතීතයේ සිට නම ගෑස් වල ගෑස් බැලුවා. කාලෙකට පස්සේ තවත් සමාගමක් හදනවා කිව්වා. ඒකෙන් වෙන්නේ තවත් ගෑස් බලන එක තමයි."

Rate this item
(0 votes)
Last modified on Friday, 03 December 2021 21:49