April 20, 2024

රාජ්‍ය ඇමති ලෙඩෙක් : ඔහුත් එක්ක වැඩ කරන්න බැහැ : ඉල්ලා අස් වුණේ ඒකයි - හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

November 21, 2021

විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් තමාට ආ බලපෑම තමා රාජ්‍ය සේවයෙන් ඉවත්වීමට ප්‍රධාන හේතුවක් වූ බව හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා හෙළිදරව් කරනවා.

තමාව රාජ්‍ය සේවයෙන් ඉවත් නොකල බව සඳහන් කරන දිසානායක මහතා තමාට රාජ්‍ය සේවය ගැන ඇතිවූ කල කිරීම මත ඉන් ඉවත් වූ බව පෙන්වා දෙනවා.

රාජ්‍ය ඇමතිගේ පිලිවෙත

ඒ සඳහා විශේෂයෙන් ම බලපෑවේ විදුර වික්‍රමනායක රාජ්‍යය අමාත්‍යවරයාගේ බලපෑම් බවයි දිසානායක මහතා හෙළිදරව් කරන්නේ.

වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා සමඟ වැඩ කිරීමට ඇත්තටම අපහසු බවද සඳහන් කරන දිසානායක මහතා ඉතිහාසයේ පුරාවිද්‍යා විෂයට අදාළව හිටපු කිසිම ඇමතිවරයෙක් වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා මෙන් බලපෑම් නොකළ බවයි පෙන්වා දෙන්නේ.

වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා අනවශ්‍ය ලෙස හැම ස්ථානයකම වැඩ කරන සිය නිලධාරීන්ට දෝෂාරෝපණය කිරීමට පටන් ගත් බවත් එවැනි තත්ත්වයක් යටතේ තමාට වැඩ කිරීමට කිසිදු උවමනාවක් නොතිබුන බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරනවා.

හිටපු ඇමතිවරුන්

හිටපු සංස්කෘතික අමාත්‍යවරයෙකු වූ අකිල විරාජ් කාරියවසම් මහතා විදුර වික්‍රමනායක මහතා තරමටම තමන්ට බලපෑම් නොකළ මුත් කාරියවසම් මහතාද පුරාවිද්‍යා වස්තූන්ට හානිවන ආකාරයට කටයුතු කළ බව දිසානායක මහතා පෙන්වා දෙනවා.

තමා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා බව ජනපතිට හා අගමැතිට දැනුම් දුන් බවත් එහිදී වික්‍රමනායක මහතාගේ කාරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් නොකළ බවද සඳහන් කරන දිසානායක මහතා තමන්ට තව දුරටත් රාජ්‍ය සේවය රැඳී සිටින දෙස ජනපති හා අගමැති ඉල්ලීමක් කළ බවද අනාවරණය කරනවා.

රාජ්‍ය සේවයේ තත්ත්වය

එහෙත් තමන් වත්මන් රාජ්‍ය සේවය සම්බන්ධයෙන් දැඩි කලකිරීමක සිටින බැවින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

තමන් මේ වන විට කැලණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන බවත් දිසානායක මහතා සඳහන් කරනවා.

හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම කරුණු හෙළිදරව් කළේ යූටියුබ් චැනලයක් සමග සාකච්ඡාවකට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Sunday, 21 November 2021 16:45

Related items