April 25, 2024

රාජ්‍ය ඇමතිගෙන් හිටපු පුරා විද්‍යා ලොක්කාට පිළිතුරු - උගතෙක් වුනාට වැඩක් නැහැ වැඩේ කෙරෙන්නේ නැත්නම්

November 24, 2021

විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාට අද (24) පාර්ලිමේන්තුවේදී පිළිතුරු දුන්නා.

ඒ හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා යූටියුබ් චැනලයක් සමග කළ සාකච්ඡාවකදී කළ ප්‍රකාශයකට.

රාජ්‍ය අමාත්‍යවරයාගේ පිලිවෙත

තමා රාජ්‍ය සේවයෙන් ඉවත් වූයේ දැඩි කලකිරීම මත බවත් ඊට ප්‍රධාන ලෙස ලෙසම බලපෑවේ වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා වෙතින් කෙරුණු බලපෑම බවයි දිසානායක මහතා එම සාකච්ඡාවේ දී සඳහන් කළේ.

තමන් යටතේ සිටි වැඩ කරන නිලධාරීන්ට නිරන්තරයෙන් පුරුද්දක් හැටියට රාජ්‍ය අමාත්‍යවරයා දොස් කීම වැරදි බවද එහිදී දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කර තිබුණා.

ඊට පිළිතුරු දෙමින් වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ කොතරම් උගතකු වූවත් රාජකාරිය හරියට ඉටු කරන්නේ නැතිනම් ප්‍රයෝජනයක් නැති බවයි.

වෙන වෙන න්‍යාය පත්‍ර

තමාට පක්ෂ පාට භේද අදාල නැති බව සඳහන් කරන රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඇත්ත කිව යුතු බව සඳහන් කළා.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමඟ වැඩ කිරීම ඉතා අපහසු බවත් ඔවුන් වෙන වෙන න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරන බවත් වික්‍රමනායක මහතා පෙන්වා දුන්නා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 November 2021 17:52