April 23, 2024

මේ විනාශකාරී පාර්ලිමේන්තුව වහලා දාන්න: විදුර හඬ යළි කරළියට Featured

පාර්ලිමේන්තුව හරහා මේ රටට විනාශය හැර වෙන ලබාදී තිබෙන්නේ කුමක්දැයි යන්න රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රශ්න කරනවා.

මහජන නියෝජිතයෙක් ලෙස පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටින සෑම මොහොතකදීම තමාට මතක් වන්නේ ඒ කනගාටුදායක සිතුවිල්ල බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

පාර්ලිමේන්තුවේ වියදම

පාර්ලිමේන්තුව එක් දිනක් පැවැත්වීම සඳහා යන වියදම රු. ලක්ෂ 92ක් වන අතර පාර්ලිමේන්තුව නොපවත්වන දිනක වියදම රු. ලක්ෂ 87ක් වන බවයි වික්‍රමනායක මහතා පෙන්වා දෙන්නේ.

ඒ අනුව මාසයක් පුරා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදය සඳහ රු. ලක්ෂ 3000 ක් පමණ වැයවන බව වික්‍රමනායක මහතා පෙන්වා දෙන්නේ ඉන් රටට ලැබෙන ප්‍රයෝජනය කුමක්දැයි ප්‍රශ්න කරමින්.

මහජන නියෝජිතයන්ගේ අරමුණ

එම මුදලින් රටේ දරු දැරියන් වෙනුවෙන් මෙවැනි පුස්තකාල කොපමණ සෑදිය හැකි දැයි වික්‍රමනායක මහතා අවධාරණය කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම ප්‍රශ්න කිරීම කරන ලද්දේ ගෝනපල ප්‍රදේශයේ පැවැති පුස්තකාලයක් විවෘත කිරීමේ අවස්ථාවකදී වන අතර පාර්ලිමේන්තුව තුළින් මෙතනට සහභාගි වී සිටින කුඩා දරු දැරියන්ගේ ජීවිත සතුටු කරන්න කර තිබෙන්නේ කුමක්දැයි එහිදී ඒ අවස්ථාවට සහභාගී වී සිටී දරු දැරියන් අමතා ප්‍රකාශ කලා.

පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන්ගේ අරමුණු පිළිබඳවද විවේචනාත්මක විග්‍රහයක් කරන රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අන්තවාදීන්ගේ අවශ්‍යතා ඉටු කරන්න , එක එක කණ්ඩායම් වලට සල්ලි හම්බ කරන්න අවශ්‍ය වටපිටාව සකස් කරන මධ්‍යස්ථානයක් ලෙසයි හඳුන්වා දෙන්නේ.

එවන් ස්ථානයක් තවදුරටත් පවත්වාගෙන යා යුතුදැයි රාජ්‍ය අමත්‍යවරයා එම අවස්ථාවට සහභාගි වූ පිරිසගෙන් ප්‍රශ්න කළා.

Rate this item
(2 votes)
Last modified on Friday, 06 August 2021 16:15

Related items