May 04, 2024

ලෝකයටම නැති අපිට විතරක් තියෙන නෞකා ආරක්ෂක සහතිකය මෙන්න

ලෝකයේ නෞකා ආරක්ෂා කර ගැනීම සඳහා ලැබෙන සුදුසුකමක් වන ලොයිඩ්ස් (Lyods) තත්ත්ව සහතිකයක් හිමි එකම රට ශ්‍රී ලංකාව බව ඇවන්ගාර්ඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා සඳහන් කර සිටියි.

මේ වන විට සූවස් ඇල්ලේ උද්ගතව ඇති තදබදය හේතුවෙන් සිරවී සිටින නෞකාවලට ආරක්ෂාව ලබා දීම සඳහා ඇවන්ගාර්ඩ් සමාගම හටද ආරාධනා ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.

ලෝකයේ වෙළෙඳ ප්‍රවාහන නෞකා සඳහා ආරක්ෂාව දීමට සහ ආරක්ෂකයින් ස්ථාපනය කිරීමට සුදුසුකම මෙම ලොයිඩ්ස් සහතිකය හරහා හිමි වන බවද ඔහු සඳහන් කළේය.

සූවස් ඇළේ මධ්‍යයට වන්නට එවර් ග්‍රීන් භාණ්ඩ ප්‍රවාහන නෞකා සමාගමට අයත් දැවැන්ත නෞකාවක් වන එවර් ගිවන් නෞකාව හේතුවෙන් මේ වන විට සූවස් ඇළේ දැඩි තදබදයක් නිර්මාණය වී ඇති අතර එම නිසා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාර පිළිබඳව අනතුරු ඇඟවීමක්ද එල්ල වී තිබේ.

නෞකාව ඉවත් කිරීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 28 March 2021 20:42