April 24, 2024

සූවස් ඇළේ නැව හරවන්න ටොන් 20,000ක් වැලි ඉවත් කරයි - මෙහෙයුම අඛණ්ඩව

සූවස් ඇළේ සිරවී තිබෙන නෞකාව ඉවත් කර ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙහිදී නැව හැරවීම සඳහා අවශ්‍ය කරන ඉඩ සකසා ගැනීම සඳහා නැව අවට ඇති වැලි ටොන් 20,000ක් ද මේ වන විට ඉවත් කර තිබේ. 

මෙහිදී නැව ස්ථාවර කර ගැනීම සඳහා නැවෙහි බර සමතුලිත කරගැනීම සඳහා යොදවා ඇති බැලස්ට් ජලය ටොන් 9,000 ක් ඉවත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට ඇතිව තිබෙන වඩදිය බාදිය සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් නැව නැවත හැරවීමේ කටයුත්තට දැඩි බාධාවක් ඇතිව ඇති බවත් වාර්තා වෙයි.

ටග් යාත්‍රා 14ක් මේ වන විට නැව ඇඳීමේ කටයුතු සඳහා යොදවා ඇති අතර එයින් අපහසු වුවහොත් තවත් ටග් යාත්‍රා යෙදවීමටත් කටයුතු කරන බව සුවස් ඇළ බලධාරීන් අවධාරණය කර තිබේ.

නැව ඇති ටොන් ලක්ෂ 2ක් පමණ වන බර හේතුවෙන් මෙම ඇදීමේ කටයුත්ත අපහසු වුවහොත් නැවේ බර අඩු කිරීම සඳහා බාහලුම් ඉවත් කිරීමටද කටයුතු සුදානම් කරන බවටද ඇළ බලධාරින් විසින් පවසා තිබේ.

එවර්ග්‍රීන් නෞකාව සුවස් ඇළ ඉවුර කඩාගෙන ඉදිරියට ඇනී ඇති බවට බලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම නෞකාවේ සිරවීම නිසා තවත් නෞකා 300ක් පමණ මේ වන විටත් සූවස් ඇළේ තදබදයට හසුව ඇති බවත් වාර්තා වෙයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 28 March 2021 07:17