April 25, 2024

ලෝක ආර්ථිකයම එක තැන හිර කළ සූවස් ඇළේ නෞකා තදබදයේ ඔබ දැනගත යුතු කතාවක්

ලෝක ආර්ථිකය එක තැන සිර කරන්නට එක් නෞකා අනතුරක් මේ වන විටත් සමත්ව තිබේ.

මෙයට හේතුව වී තිබෙන්නේ සූවස් ඇළේ මධ්‍යයට වන්නට දැවැන්ත ප්‍රවාහන නෞකාවක් හරහාට සිර වී තිබීමයි. මේ හේතුවෙන් සූවස් ඇළ හරහා ගමන් ගන්නා තෙල් ප්‍රවාහන නෞකා මෙන්ම භාණ්ඩ ප්‍රවාහන නෞකා විශාල ප්‍රමාණයක් සිරවී තිබේ.

මෙම තබදය හේතුවෙන් දැනටමත් දිනකට ඩොලර් බිලියන 9.6ක්ද, පැයකට ඩොලර් මිලියන 400ක්ද භාණ්ඩ ප්‍රවාහන සේවා ඇණ හිට ඇති බවට වාර්තා වෙන අතර මෙය ගෝලීය ආර්ථිකයට බලපෑමක් ඇති කරනු ඇති බවද විචාරකයින් පවසා සිටියි.

සූවස් ඇළ මාර්ගයට අමතරව තවත් මාර්ගයක් ලෝකයේ පැවතියද එය භාවිත කිරීමට නෞකා කටයුතු කරන්නේ සිදුවන ප්‍රමාදය සහ වියදම අධික වන නිසාය.

ඒ අනුව ලෝක ආර්ථීක මරමස්ථානයක් වන නෙදර්ලන්තයේ රෝටර්ඩෑම් වරායේ සිට, තායිවානයේ කාඕසියුං වරාය දක්වා පැමිණෙන නෞකාවක් සූවස් ඇළ මාර්ගය හරහා පැමිණෙන්නේ නම් ඒ සඳහා ගත වන්නේ දින 25ක් පමණ වන අතර ගත කළ යුතු සම්පුර්ණ දුර කිලෝමීටර් නාවික සැතපුම් 10,000ක් (කිලෝමීටර් 18,250ක්) වෙයි. 

මෙහිදි සූවස් ඇළ මාර්ගය සම්බන්ධ වන්නේ රෝටර්ඩෑම් වරායේ සිට සුවස් ඇළ හරහා මධ්‍ය ධරණී මුහුදටත්, එතැන් සිට ඉන්දීය සාගරයටත් මෙම මාර්ගය සම්බන්ධ වෙයි.

මෙම මාර්ගය භාවිත නොකර රෝටර්ඩෑම් වරායේ සිට පැමිණෙන නෞකාවක් අප්‍රිකානු මහද්වීපය ඔස්සේ පහළට ගමන් කොට සුබපැතුම් තුඩුව ඔස්සේ පැමිණ ඉන්දීය සාගරයටත් එතැන් සිට තායිවානයේ කාඕසියුං වරාය දක්වාද පැමිණිය යුතුය. ඒ සඳහා දින 34ක් ගත වන අතර නාවික සැතපුම් 13,500ක දුරක් නැතහොත් කිලෝමීටර් 25,002ක් ගත කර ආ යුතුය. මෙම සුවස් ඇළ මාර්ගය භාවිත කිරීමට නෞකා විශාල වශයෙන් කටයුතු කරන්නේද මෙම හේතුව නිසා වෙයි.

ලෝකයට අත්‍යවශ්‍ය වන බොහෝ භාණ්ඩ, තෙල් ප්‍රවාහනය මෙම මාර්ගය හරහා සිදුවන බැවින් දැනට ඇළ මාර්ගය තුළ ඇතිව තිබෙන තදබදය නිසා එම භාණ්ඩ නිසි වෙලාවට රටවලට ප්‍රවාහනය කිරීමට ගැටලු සහගත තත්ත්වයක් ඇතිවනු ඇති අතර එමඟින් බොහෝ රටවලට සිය ආර්ථික කටයුතුවලට දැඩි බලපෑමක් ඇතිවනු ඇත.

නෞකාව ඉවත් කර ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර විශාල නෞකා ප්‍රමාණයක් ද ඇළ මාර්ගයට ඇතුළ වීමෙන් දැඩි තදබදයක්ද සුවස් ඇළ තුළ නිර්මාණය වී තිබේ.

Rate this item
(3 votes)
Last modified on Saturday, 27 March 2021 08:14