March 29, 2024

සූවස් ඇළේ හිර වුණු නෞකාව ඉවත් කළ හැටි (VIDEO)

එවර්ග්‍රීන් සමාගමට අයත් එවර්ගිවන් නෞකාව සූවස් ඇළෙන් සාර්ථකව ඉවත් කර ගැනීමට සමත් වූ බව සමුද්‍ර සේවා සමාගමක් වන ඉන්ච්කේප් සමාගම වාර්තා කර තිබේ.

මෙලෙස මුදාගෙන තිබුණේ ටග් යාත්‍රා විශාල ප්‍රමාණයක් යොදාගෙන සිදු කරන ලද දැවැන්ත මෙහෙයුමකින් පසුවයි

නෞකාව නැවත මාර්ගයට අවතීර්ණ වෙනවාත් සමඟ සූවස් ඇළේ සිටි අනිකුත් නෞකාවන් සහ ඉවත් කිරීමේ මෙහෙයුමට දායක වූ ටග් යාත්‍රා සියල්ලම සිය සයිරන් නාද කරමින් ප්‍රීති ඝෝෂා කළ බවද වාර්තා වෙයි.

නැව ඉවත් කිරීම සඳහා ඇළෙහි වඩදිය මට්ටම ඉහළ යනතුරු බලා සිටි බලධාරීන් විසින් ඊයේ (28) දිනයේදී ටග් යාත්‍රා විශාල ප්‍රමාණයක නෞකාව අසළට ගෙන ආ අතර වඩදිය වැඩි වූ පසුව නැව ආපසු හැරවීමට ඔවුන්ගේ උත්සාහය විය.

ඒ අනුව නැව සාර්ථකව නැවත නියමිත ගමන් මාර්ගය දෙසට හරවා ගැනීමට ඔවුන් සමත්ව තිබේ.

එමෙන්ම නැව ආපසු හැරවීම සඳහා ඇළ මාර්ගය සැකසීමට ටොන් 20,000ක පමණ වැලිද ඉවත් කර තිබුණි.

නැවත ආපසු හරවන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)