April 24, 2024

සූවස් ඇළේ තදබදය අවසන් නැව ආපසු හරවයි

දින 06ක් පුරාවට සූවස් ඇළේ සිරවී තිබුණු නෞකාව ඉවත් කර ගැනීමට සමත්ව තිබේ.

එවර් ග්‍රීන් නෞකා සමාගමට අයත් මෙම එවර් ගිවන් නෞකාව මෙලෙස දැඩි සුළං සහ වඩදිය බාදිය තත්ත්වය හේතුවෙන් සූවස් ඇළේ මැද සිරවිය.

දින කිහිපයක් පුරාවට වැලි ටොන් 20,000ක් ද ඉවත් කර තිබූ අතර නෞකාවේ සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා එහි තැන්පත් කර ඇති ජලය ටොන් 9,000ක් ද ඉවත් කිරීමට කටයුතු කර තිබුණි.

නැව සැහැල්ලු කිරීමෙන් පසුව ටග් යාත්‍රා 14ක් මාර්ගයෙන් මෙම නෞකාව ඇදගෙන යෑමට නියමිතයි.

ටොන් 200,000ක් බර බහාලුම් 20,000කින් සමන්විතව තිබූ මෙම නෞකාව හේතුවෙන් තවත් නෞකා 300ක් පමණ සිරවි සිටි තිබුණි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 29 March 2021 10:20