May 15, 2021

සූවස් ඇළේ හිර වුණු ‘එවර් ගිවන්’ නෞකාව තවත් තැනක හිරවෙයි

සුවස් ඇළ සහිත ප්‍රදේශයේ පැවැති දැඩි සුළං තත්ත්වය හමුවේ සූවස් ඇළේ සිරවී තිබූ දැවැන්ත මෙහෙයුමකින් පසුව ගලවා ගත් එවර් ග්‍රීන් සමාගමට අයත් එවර් ගිවන් නෞකාව තවත් අර්බුදයකට මුහුණ පා සිටියි.

ඒ එම නෞකාව ඊජිත්තු නෞක කටයුතු නිලධාරීන් විසින් සිය භාරයට ගැනීමත් සමඟයි.

දින 06කට අධික කාලයක් නෞකාව මෙලෙස සිරවී සිටීම නිසා ලෝක නාවික ක්ෂේත්‍රයට සහ ආර්ථිකයට දැඩි පහරක් එල්ල වූ අතර සිදු වූ පාඩුව ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් විය.

මෙම සිදුවීමෙන් ඊජිත්තුවට සිදු වූ අලාභය පියවා ගැනීම සඳහා එවර් ගිවන් නෞකාව අයත් එවර් ග්‍රීන් සමාගම හට ඩොලර් මිලියන 900ක් ගෙවන ලෙස ඊජිත්තු අධිකරණයක් විසින් නියෝග කොට ඇති අතර එතෙක් නෞකාවට සුවස් ඇළෙන් පිටවීම තහනම් කොට තිබුණි.

මෙම මුදල අදාළ නෞකා සමාගම ගෙවීමට අපොහොසත් වීම නිසා නෞකාව අත්අඩංගුවට ගැනීම ඊජිත්තුව තීරණය කර තිබේ.

මෙම වන්දි මුදල ගෙවන ලෙස නියෝග කර ඇත්තේ ඊජිත්තුවේ ඉස්මයිලියා ආර්ථික අධිකරණය විසිනි.

එමෙන්ම ඊජිත්තුව විසින් ඇළට සිදු වූ හානිය පිළිබඳවද මේ වන විට තක්සේරු කරමින් සිටින බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)