May 19, 2024

පස්සර අනතුර : බස් රථයේ රියදුරා ගැන තවත් කතාවක් එළියට

පස්සර 13 කණුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී ගිය බස් රථයේ රියදුරාගෙන් සිදුවීම ගැන විමර්ශන කරනු ලබන විශේෂ පොලීස් කණ්ඩායම විසින් ප්‍රකාශ ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

මෙහිදී පොලීසිය විසින් අනතුරට මුහුණ දුන් අනිත් පිරිසගෙන් කළ විමසීම්වලදී සොයා ගෙන තිබුණේ රියදුරු විසින් අනතුර සිදුවන අවස්ථාවේ දුරකථනය භාවිත කරමින් රිය පදවා ඇති බවයි.

මේ සම්බන්ධව අදාළ බස් රථයේ 52 හැවිරිදි රියදුරාගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එහිදී රියදුරා විසින් දුරකථනය භාවිත කළා යැයි එල්ල වෙන චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ.

මෙය තහවුරු කර ගැනීම සඳහා රියදුරාගේ දුරකථන අංකය අයත් සිම්පත් ආයතනයෙන් රියදුරුගේ දුරකථන වාර්තාව ලබා ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බවද සඳහන් වෙයි.

එමෙන්ම රියදුරු විසින් වැඩිදුරටත් පවසා තිබුණේ තමන් අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ තිරිංග තද කළ බවත්, නමුත් තිරිංග ක්‍රියාත්මක නොවුණු බවයි.

පසුගිය මාර්තු 21 සිදුවුනු මෙම මාරාන්තික අනතුරින් පුද්ගලයින් 14 දෙනෙකුට දිවි අහිමි වූ අතර අනතුර සම්බන්ධව විශේෂ පරික්ෂණයක් ක්‍රියාත්මකයි.

සිදුවීම සම්බන්ධයෙන් බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අදාළ බස් රථයේ රියදුරුව පොලිස් අත්අඩංගුව ගෙන ඇති අතර, අනතුර වාර්තා නොකිරීමේ වරදට එම අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයේ රියදුරුවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Rate this item
(1 Vote)