April 20, 2024

පස්සර කළඹමින් තවත් අනතුරක් සිදුවෙයි - ප්‍රපාතයකට ලොරි රථයක් ඇදී යයි (PHOTOS)

පස්සර ප්‍රදේශයේ දී ප්‍රපාතයකට ලොරි රථයක් පෙරළීමෙන් අද (30) දිනයේ දී තවත් අනතුරක් වාර්තා වී තිබේ.

පස්සර - බදුල්ල A5 මාර්ගයේ දී 10 කණුව, කිරි මණ්ඩලය අසල කාවඩි බෝක්කුව අසලදී අසළ දී මෙම අනතුර සිදුව තිබේ.

මෙහිදී රියදුරාට වේගය පාලනය කර ගත නොහැකි වූ ලොරි රථයක් පස්සර - බදුල්ල මාර්ගයේ 10 කණුව අසලදී ප්‍රාපතයකට ඇදී යාමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් ජීවිත හානියක් සිදු නොවී ඇති අතර අනතුරට පත් ලොරි රථයේ රියදුරු සහ රියදුරු සහයකයාව ප්‍රදේශ වාසීන් විසින් රෝහලට ඇතුළත් කර තිබේ.

පස්සර කණුව 13 කණුවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී යාමේ අනතුර සිදුව සතියක පමණ කාලයක් ගෙවී ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුවීමද විශේෂත්වයකි.

මෙම අනතුර සිදු වු ස්ථානයට විශාල පිරිසක්ද රැස්ව සිටි බව වාර්තා වෙයි.

එම අනතුරේ ඡායාරූප පහතින්,

Rate this item
(0 votes)