December 06, 2022

14 දෙනෙකුට දිවි අහිමි කළ පස්සර 13 කණුවේ පෙරළී ගිය බස් රථය ගොඩට ගනී (VIDEO)

පසුගිය මාර්තු 21 වැනිදා 14 දෙනෙකුට දිවි අහිමි කළ පස්සර 13 කණුවේ දී ප්‍රපාතයකට පෙරළි ගිය ලුණුගල - කොළඹ බස් රථය සතියකට පමණ පසුව අද (27) දිනයේ ගොඩට ගැනීමට කටයුතු කර තිබේ.

ළඟා වීමටත් අපහසු ආකාරයේ ප්‍රපාතයකට පෙරළී ගිය මෙම බස් රථය ගොඩ ගැනීමට ගත් උත්සාහයන් කිහිපයක් ආසාර්ථක වූ අතර අද දිනයේ මහත් පරිශ්‍රමයක් දරා එය ගොඩට ගැනීමට කටයුතු කර තිබේ.

අනතුර සම්බන්ධව සිදු කරනු ලබන විමර්ශනයේ දී බස් රථයද පරික්ෂාවට ලක් කිරීමට නියමිත අතර ගොඩට ගත් බස් රථය මෝටර් වාහන පරික්ෂකයන්ගේ පරික්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)