April 20, 2024

පස්සර මාරක අනතුරේ දී RDA එක වගකීම් පැහැර හැරලා

පසුගිය මාර්තු 21 වැනිදා පස්සර 13 කණුව ප්‍රදේශයේ දී සිදු වූ මාරක රිය අනතුරේ දී මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සිය වගකීම් පැහැර හැර ඇතැයි දැන් හෙළි වෙමින් තිබේ.

ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධිකාරී ඉන්දික හපුගොඩ මහතා රූපවාහිනී වැඩසටහනකට එක්ව ප්‍රකාශ කර සිටියේ පසුගිය නොවැම්බර් මාසයේ සිට මෙම නාය යෑමක් සිදුව තිබූ බවයි.

මෝටර් වාහන ආඥා පනතේ 213 වැනි වගන්තිය යටතේ ඇති සම්පාදනයන් අනුව එම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අදාළ ආයතනයන් සමඟ එක්ව කමිටු රැස්වීමක් පවත්වනු ලබන අතර එහිදී මාර්ග දෝෂ, ඉදිකිරීම් දෝෂ සහ මෙවැනි අනතුරු පිළිබඳව සාකච්ඡා කරනු ලබන බවත්, එහිදි ඒවාට පිළියම් සාකච්ඡා කිරීමත් කරනු ලබන බවද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධිකාරී ඉන්දික හපුගොඩ මහතා එහිදී පැවසීය.

නමුත් මෙම මාරක රිය අනතුර සිද්ධ වූ ස්ථානයේ ඇති නායයෑම පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරිය හෝ අදාළ ආයතනයන් විසින් කිසිදු ආකාරය සලකුණක් හෝ අන්තරදායක බව සටහන් කළ පුවරුවක්වත් ප්‍රදර්ශනය නොකර තිබූ බවද අධ්‍යක්ෂකවරයා පවසා සිටියේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් එක් පාර්ශවයකට පමණක් ඇඟිල්ල දික් කළ නොහැකි බවයි.

ඊයේ (25) දිනයේ දී මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම පස්සර 13 කණුව ප්‍රදේශයේ ස්ථානීය පරික්ෂාව කරන ලද අතර ඉන් පසුව එම නායගොස් තිබූ පර්වත කොටස කඩා ඉවත් කිරීමට කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත් පසුගිය 21 වැනිදා සිදු වූ අනතුරින් ජීවිතත 14ක් අහිමි වූ අතර තවත් 32කට ජීවිත අහිමි වී ගියේය.

Rate this item
(0 votes)

Related items