March 29, 2024

පස්සර 13 කණුවේ අනතුරට පත් බස් රථයයි, ගලයි තවම එතනමයි (VIDEO)

පස්සර 13 කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළි විනාශ වුණු බස් රථය තවමත් එම ස්ථානයේ ගොඩ ගැනීමට නොහැකි තත්ත්වයක ඇති බව වාර්තා වෙයි.

මෙම බස් රථය අඩි 200ක් තරම් ළඟා විය නොහැකි ප්‍රපාතයකට පෙරළි ගොස් තිබුණු අතර තුවාල ලැබූ පිරිස ප්‍රපාතයෙන් ඉහළට ගෙන ඒමට දැඩි වෙහෙසක් දැරීමටද සිදුවිය. 

සිදුවීම සම්බන්ධයෙන් කරණු ලබන පරික්ෂණය සඳහා බස් රථය ගොඩගැනීමට කළ යුතු නමුත් තවමත් බස් රථය ගොඩ ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබේ.

එමෙන්ම අනතුර සිදුවන ස්ථානයේ ඇති කඩා වැටුණු පර්වත කොටසද තවමත් ඒ ආකාරයෙන්ම එම ස්ථානයේ ඇති බවද දැකගත හැකිය. 

මෙම ගල වැටී ඇති ස්ථානය සහ අනතුර සිදු වූ මාර්ගය පිළිබඳව ස්ථානීය පරික්ෂණයක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අද (25) දිනයේ සිදු කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

මෙම පරික්ෂාව සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කණ්ඩායමක් ද එක් වීමට නියමිතව තිබේ.

"ඒ ගල ඉවත්කළ යුතු ක්‍රමවේදය පිළිබඳව අපි මේ වනවිට උපදෙස් ලබාදීලා තියෙනවා. ඒ වගේම මේ මාර්ගයේ ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් නායයෑම්, පස් කඩාවැටීම් වැනි දේ පිළිබඳවත් අපි පරීක්ෂණ සිදුකරනවා. ඒ අනුව අවදානම් ස්ථාන හඳුනාගැනීමේ කටයුතු සිදු වෙනවා." යැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස් බණ්ඩාර මහතා මෙම පර්වත කොටස පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේය.

එම ස්ථානයේ වත්මන් තත්ත්වය වීඩියෝව පහතින්,

Rate this item
(4 votes)
Last modified on Thursday, 25 March 2021 15:49

Related items