May 19, 2024

“මගේ පැටියාව විසි වුණා - මම කෑගහුවා” - පස්සර අනතුර ගැන මවක් සංවේදීව කියන කතාව

පස්සර 13 කණුව ප්‍රදේශයේ දී සිදු වූ මාරාන්තික රිය අනතුරෙන් දිවි ගලවා ගත් මවක් විසින් සිය මාරාන්තික අත්දැකීම පිළිබඳව මෙසේ විස්තර කර තිබුණි.

“මම බබත් එක්ක බදුල්ල ඉස්පිරිතාලෙට යන්න ආවේ. අපි 20 කණුවෙන් බස් එකට නැග්ගා. බබා උකළේ තියාගෙන දැවෙනි සීට් එකේ වාඩිවෙලා යද්දී මටත් බබාටත් නින්ද ගියා. බස් එක වේගයෙන් ආවා. එක පාරටම මහා ශබ්දයක් ඇසුණා” යැයි ඇය එහිදී අනතුරට පෙර සිදුවීම විස්තර කර සිටියාය.

ඇය අනතුර ගැන සඳහන් කරමින් පවසා සිටියේ එක්වරම විශාල ශබ්දයක් ඇසුණු බවත්, බස් රථය කැරකි කැරකි ගිය ආකාරය තමන්ට දැනුණු බවත් ඇය සඳහන් කළාය.

“එක පාරටම ශබ්දයක් එක්ක බස් එක කැරකි කැරකී ගියා වගේ දැනුණා. මගේ පැටියා අතහැරුණා. ඊට පස්සේ කට්ටියක් ඇවිත් මාව උස්සාගෙන උඩට ගෙනාවා මතකයි. මම බබා කෝ කියලා කෑගහුවා..” යැයි ඇයගේ අත්දැකීම විස්තර කරමින් පවසා සිටියාය.

ඇයගේ දරුවා ඒ වන විටත් කන්ද මුදුණට ගෙනත් තිබුණු බවත් ඇය කියා තිබුණි.

ඇය මේ බව කියා තිබුණේ ජාතික පුවත්පතකට අදහස් දක්වමිනි.

පසුගිය සෙනසුරාදා (20) පස්සර 13 කණුව ප්‍රදේශයේ දී මාර්ගස්ථ අංක 99 දරණ ලුණුගල - කොළඹ බස් රථය පස්සර 13 කණුව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවත පැන සිදු වූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකුට දිවි අහිමි වූ අතර තවත් 32කට තුවාල සිදුවිය.

සිදුවීම සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා සහ එම අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 22 March 2021 16:49