May 04, 2024

“ඕක ජනාධිපතිතුමාගේ ව්‍යාපෘතියක් ඒ නිසා දෙන්න බැහැ” - දේවානි සහ ඇමති ප්‍රසන්න පැටලෙයි (VIDEO)

ඊයේ (20) දිනයේ ගම්පහ, නයිවල ප්‍රදේශයේදී පැවැති "ගම්පහ දිස්ත්‍රික් ජීවනෝපාය කමිටු රැස්වීමේදී" අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය අතර උණුසුම් වාදයක් ඇති විය.

වන සංරක්ෂණ ගැටලු සහ ඉඩම් ගැටලු සම්බන්ධයෙන් ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය අදහස් පළ කරමින් සිටි අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය ඇති විය.  මෙම උණුසුම් වාදයට හේතුව වී තිබුණේ වගා කිරීම සඳහා භූමි වෙන් කිරීමේ ගැටලුවකි.

එහිදී දේවානි ජයතිලක මහත්මිය විසින් කමිටු රැස්වීමේදී  "මේක 1885 මැයි 22 වනදා ගැසට් පත්‍රයකින් රක්ෂිතයක් බවට පත්කරපු ලංකාවේ ප්‍රථම රක්ෂිතයක් ගම්පහ තියෙන එකම නැවුරල් කැළේ මේක විතරයි. මේ රජය අපකීර්තියට පත්වෙන්නේ මේ වගේ වැරදි තීරණ හින්දා නිලධාරීන්ගේ වැරදි තීරණ හින්දයි දේශපාලනඥයින් අපහසුතාවයට පත්වෙන්නේ." යනුවෙන් පවසා සිටියාය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද ඇයට පිළිතුරු ලබා දෙමින් පවසා සිටියේ "කරුණාකරලා ඔය මිනිස්සුන්ට වගා කරන්න දිලා තියෙනවානම් ගැසට් කරනකොට. ඕවා ගැසට් කරපු එකත් පළමුවෙන්ම වැරදියි වනජීවි එක යටතට. දුන්න නම් වගාකරන්න දීපු මිනිස්සු වගා කරලා ඒ තැන්වල ගෙවල් හදාගෙන ජීවත්වෙන මිනිස්සු එළියට දාන්න බැහැ" යනුවෙනි.

එයට එරෙහි වු දේවානි ජයතිලක මහත්මිය විසින් පවසා සිටියේ එම වගා කිරීම සඳහා ලබාදෙන්න යැයි කියන ඉඩම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සුරකිමු ගංඟා” ව්‍යාපෘතියේ ඉඩම් බවත් ඒ නිසා ඒවා ලබා දීමට නොහැකි බවයි.

එම අවස්ථාවේ දර්ශන පහතින්,

Rate this item
(3 votes)
Last modified on Sunday, 21 March 2021 09:00