May 03, 2024

(EXCLUSIVE) ඔක්තෝම්බර් 1 දා සිට රටට එන අයට නව නීතියක්

September 29, 2021

ඔක්තෝම්බර් මස 1 දා සිට මෙරටට පැමිණෙන සංචාරකයින් සහ විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා නව කොවිඩ් සහන නීතියක් හඳුන්වා දීමට සූදානම් බව ප්‍රසන්න රණතුංග සංචාරක අමාත්‍යවරයා ඒෂියන් මිරර් වෙත සඳහන් කළා.

ඒ අනුව ඔක්තෝම්බර් 1දා සිට රටට පැමිණෙන පූර්ණ එන්නත් කරණය කල සංචාරකයින් හා විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ගුවන් තොටුපලේදි  පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ගැනීමෙන් මුදා හැරීම සම්බන්ධව බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

සමාජ ගත වීමට පූර්ණ අවසරය

ඒ අනුව ඔවුන්ට සමාජගත වීමට පූර්ණ අවසරය ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

එම තීන්දුව සෞඛ්‍ය බලධාරීන් වෙත තමන් යොමු කළ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ වන විට ඇමරිකානු ඩොලර් 40 ක් (රු. 8000) ගෙවා ගුවන් තොටුපලේදිම පී.සීආර් පරීක්ෂණය කර පැය කිහිපයකින් එහි ප්‍රතිඵලය පැමිණි පසු සිය නිවෙස් බලා යෑමේ පහසුකමක් මෙරටට පැමිණෙන විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ලබාදී තිබෙනවා.

දැඩි ගසා කෑමකට ලක් කිරීම

මීට පෙර විදෙස් ගත සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ව නිරෝධායනය මුවාවෙන් දැඩි ගසා කෑමකට ලක් කලා.

එසේ එක් පුද්ගලයෙකුගෙන් ගසා කෑ මුදල රු. ලක්ෂයද ඉක්මවා ගොස් තිබුණි

ඒ ගුවන් තොටුපොළේම සිටී සංවිධානාත්මක පිරිසක් විසින්.

පූර්ණ එන්නත්කරනයට ලක් වූ සංචාරකයින්ට යළිත් ගුවන් තොටුපොළේදී පී.සී.ආර් පරීක්ෂණ නොකොට බාධාවකින් තොරව සිය රටට ඇතුල්වීමට ලොව බොහෝ රටවල් අවස්ථාව ලබා දී තිබෙනවා.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 29 September 2021 17:24

Related items