හෙට (17) කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු වුනු ඇති බවට රාවයක් යනවා.
එහිදී වෙනස් වීමට ලක්වන අමාත්‍යාංශය අතර ප්‍රසන්න රණතුංග මහතා දරන සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයත් තිබෙන බවයි වාර්තා වන්නේ.
ප්‍රසන්න රණතුංග මහතාට අධ්‍යාපන අමාත්‍යධූරය ලැබෙන බවයි ප්‍රකාශ වන්නේ.
ප්‍රසන්නගේ ප්‍රතිචාරය
මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ විමසීමක් කළා.
අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ එවැනි කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු වන්නේ නම් ඒ පිළිබඳව කැබිනට් ඇමතිවරයෙකු වන තමන්ව දැනුවත් කරන මුත් එවැන්නක් තවමත් සිදුව ඇති බවයි.
ආණ්ඩුව ඇතුළේ එහෙම කතාවක් නැහැ
කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳව ආණ්ඩුව ඇතුළේද කතා නොවූ බවයි රණතුංග අමාත්‍යවරයා හෙළි කරන්නේ.
ඒ නිසා කැබිනට් මණ්ඩල සංශෝධන කතාව මාධ්‍ය මගින් නිර්මාණය කරන ලද එකක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
එහෙත් මෙවැනි රාවයන් නිසා සිදුවන තත්ත්වයක් ගැන ද අමාත්‍යවරයා කරුණු හෙළි කලා.
රාජ්‍ය නිලධාරින්ගේ ප්‍රතිචාරය
ඒ මෙවැනි රාවයන් යනවිට රාජ්‍ය නිලධාරීන් අකර්මණ්‍ය වන බවයි.
රාජ්‍ය නිලධාරීන් මීළඟට පැමිණෙන ඇමතිවරයා සමග කටයුතු කිරීමට සුදානම් වීම මත දැනට සිටින අමාත්‍යවරයාට දක්වන සහයෝගය හීන කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් තමන් දැනට සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ධූරයට තමාගේ විශාල කැමැත්තක් ඇති බව පෙන්නා දෙන අමාත්‍යවරයා මේ වන විටත් රුසියානු සංචාරකයන් මෙරටට පැමිණ තිබෙන බවයි හෙළිදරව් කරන්නේ.
එම සංචාරකයන් "ආරක්ෂිත බුබුළු" සංකල්පය තුළ සිටිමින් රට තුළ සංචාරයේ යෙදෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.