May 19, 2024

පස්සර බස් අනතුර : රථයේ රියදුරුත් ජීවිතක්ෂයට

අද (20) උදෑසන 7.15ට පමණ ලුණුගල සිට කොළඹ බලා ධාවනය මගී ප්‍රවාහන බස් රථයක් මොණරාගල - බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකින් පෙරළි සිදු වූ මාරාන්තික අනතුරින් එම බස් රථයේ රියදුරාද ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

තුවාල ලැබූ තවත් 07 දෙනෙකු ශල්‍යකර්ම සඳහා යොමු කර ඇති බව බදුල්ල රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් පවසා තිබේ.

තුවාල ලැබූවන් අතර  වයස අවුරුදු 11 ත් 13 ත් අතර වයස්වල පසුවන තිදෙනෙකුද වන බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 20 March 2021 15:35