May 19, 2024

පස්සර බස් රථය ප්‍රපාතයට පෙරළි ගිය හැටි CCTV දර්ශනවලින් හෙළි වෙයි

අද (20) උදෑසන 7.15ට පමණ මොණරාගල - බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදු වූ මාරාන්තික රිය අනතුරින් මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවට පොලීසිය පවසා සිටියි.

අනතුරින් පුද්ගලයින් 31 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද සඳහන්.

එමෙන්ම බස් රථය ප්‍රපාතයට පෙරළී යන ආකාරය දැක්වෙන සිසිටීවි දර්ශනද මේ වන විට නිකුත් වී තිබේ.

මෙම දර්ශන අසළ තිබූ වෙළෙඳ සැලක කැමරාවක සටහන් ව තිබේ.

තුවාල ලැබූවන් පස්සර සහ බදුල්ල රෝහල වෙත ඇතුළත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් පස්සර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

එම දර්ශන පහතින්,

Rate this item
(0 votes)
Last modified on Saturday, 20 March 2021 15:36