May 18, 2024

පොලිස්පතිගේ නියෝගය ඇමැති සරත් අත්හිටුවයි

February 16, 2021

තම අනුමැතියකින් තොරව හදිසියේම සිදුකළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හා සහකාර පොලිස් අධිකාරිවරුන්ගේ ස්ථාන මාරු කිරීම් ලැයිස්තුව ක්‍රියාත්මක කිරීම වහාම නවත්වන්නැයි මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා නියෝග කර ඇතැයි වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් අටදෙනකු, පොලිස් අධිකාරිවරයකු, වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු හා සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනකු ඉකුත් 11 වැනිදා සිට ස්ථාන මාරු කර යවා ඇත.

ඒ පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ අත්සනින් නිකුත් කළ නියෝගයකිනි.

මෙම ස්ථාන මාරුවීම් ඇමැතිවරයාගේ දැනුවත් වීමකින් තොරව ක්‍රියාත්මක වීම නිසා වහාම එය නැවැත්වීමට පියවර ගෙන තිබේ.

Rate this item
(0 votes)

Related items