May 17, 2024

'ජනතා අපේක්ෂා බිඳ වැටිලා.. අපිටත් ප්‍රශ්න තියෙනවා" - ආණ්ඩුව ගැන කළකිරීමෙන් ඇමැති විදුර කියයි

ජනතා අපේක්ෂාවන් යම් කිසි ආකාරයකට බිඳ වැටීමක් සිදුව ඇතැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

තමන්ටත් ආණ්ඩුව පිළිබඳ ප්‍රශ්න තිබෙන බවත් කොවිඩ් අර්බුදය ලංකාවට ඇවිත් අවුරද්දක් ගත වීමට ආසන්න බවත් ඒ කාලය තුල ව්‍යාපාරවලට ජනාධිපතිතුමා සහන දුන් බව නිවේදන නිකුත් කළ තිබුණද එය බැකුවට පැමිණ නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

සහන ලබා දීමට චක්‍රලේඛ පැමිණ නැති බව බැංකුවෙන් ප්‍රකාශ කරන බවත් රටේ නිලධාරීවාදයක් තිබෙන බවත් ඔවුන් සිදු කරන හොරකම් තක්කඩිකම් කොමිස් ඇතැයි තමාට සිතෙන බවත් විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේය.

පසුගිය ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක වීමයි වත්මන් ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක වීමයි අතර පොඩිම පොඩි වෙනසක් පමණක් සිදුව ඇති බවත් ඔහු අවධාරණය කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

Rate this item
(0 votes)

Related items