May 17, 2024

ඓතිහාසික සීලවතී පබ්බත රජමහා විහාරය රැක ගැනීමට ඇමති විදුර මැදිහත් වෙයි

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන අතුරින් ‘සීලවතී පබ්බත රජ මහා විහාරයට’ සුවිශේෂී වටිනාකමක් හිමි වේ.

පෞරාණික සීලවතී රජමහා විහාරයෙහි ආරම්භය වලගම්බා රජ දවස දක්වා ඉතිහාසයකට දිවයන බව විස්වාස කෙරෙන අතර,විහාරය පිළිබඳව ලිපියක් ‘එෆ්.ලුවිස් නම් බ්‍රිතාන්‍ය ජාතිකයකු’ විසින් 1926 දී රාජකීය ආසියාතික සංගමයේ සඟරාවේ ද පළකර තිබේ.

ගල්ලෙන්,සෙල්ලිපි,වෙහෙර වහන්සේ,පහන් කණුව,චෛත්‍ය ප්‍රාකාර බැම්ම,පියගැටපෙළ ආදී පෞරාණික සාධක රැසක් අද ද මෙම ස්ථානයේ ජීවමානව පවතී.

එහෙත් අද වනවිට මෙම පුරා විද්‍යාත්මක සාධකයන් විනාශ වීමේ තර්ජනයට ලක් ව ඇති බවත් ඒ පිළිබඳව සොයා බලන ලෙසත් විහාරයේ විහාරාධිපති පුජ්‍ය තමාඩුවේ ඉන්දරතන හිමියෝ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත දැන්වූහ.

ඒ අනුව මේ පිළිබඳව සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අජීත් රාජපක්ෂ,පුරාවිද්‍යා ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂ එම්.ඒ.එච්.කේ.කේ.අලහකෝන්, කලාප භාර නිලධාරී එච්.ජී.ජානක විමල සුරේන්ද්‍ර ,ගවේෂක නිලධාරීවරුන් වන එච්.චමින්ද සතරසිංහ,අයේෂා ශිරානි දායානන්ද, ඇතුළු මහත්ම මහත්මින් පිරිසක් මෙම විහාරස්ථානය වෙත ගියහ.

ප්‍රාකාර බැම්මේ නව ඉදිකිරීම් කටයුතු,පහන් කණුවේ සංරක්ෂණ කටයුතු,ආරක්ෂක නිලධාරීන් අනියුක්ත කර ගැනීම් පිළිබඳ ගැටළු,විහාරස්ථානය ආසන්නයේ පවත්වාගෙන යනු ලබන ගල්කොරි මඟින් ඇතිවන ගැටළු සහ විහාර භූමියේ සීමා නිර්ණය පිළිබඳව මතුව ඇති ගැටළු පිළිබඳව මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු විය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 January 2021 16:13

Related items