May 03, 2024

මේක මහා අසාධාරණ ගාරානා මාෆියාවක් - ගහෙන් වැටුණු රට විරුවට ආණ්ඩු අනින හැටි තුෂාර හෙළි කරයි

December 28, 2020

කොරෝනා වසංගතය හේතුවෙන් විදෙස් රටවල අන්ත අසරණ වී සිටින රටවිරුවන් ගසාකන ගරානා මාෆියාවක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසයි.

ආණ්ඩුවට හිතවත් ගජමිතුරු ව්‍යාපාරිකයන් පිරිසකට ඒ සඳහා අවස්ථාව ලබාදී ආණ්ඩුව අහක බලාගෙන සිටින බවයි මන්ත්‍රීවරයා චෝදනා කරමින් කියා සිටියි.

මැදපෙරදිග කලාපයේ සිර වී සිටින ඉන්දියානුවන්ට එරට රජය මැදිහත් වී රියාල් 800 ක් වැනි මුදලකට ගුවන් ටිකට්පත් ලබාදෙන බවත්, කෙසේ නමුත් මැදපෙරදිග සිරවී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් රියාල් 2000 කට වඩා වැඩි මුදලක් අය කරන බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ එය සාමාන්‍ය කාලයේදී අයකරන මුදලට වඩා ඉතා වැඩි මුදලක් බවය.

එසේ අධික මුදලක් වැයකර ශ්‍රී ලංකාවට පැමිණෙන රටවිරුවන් නිරෝධායනය සඳහා තරු පංතියේ හෝටල් ලබා දී ඒ හරහා තවත් රුපියල් ලක්ෂ 02 කට වැඩි මුදලක් ගසාකන බවද තුෂාර ඉඳුනිල් මහතා පවසයි.

විදෙස් රටවල රැකියා අහිමි වී, ශ්‍රී ලංකාවට පැමිණීම දිගින් දිගටම ප්‍රමාද වී ගහෙන් වැටී සිටි රටවිරුවන්ට ආණ්ඩුව හිතවත් ව්‍යාපාරික මාෆියාව නමැති ගොනා ඇනීමක් වැනි දෙයක් සිදු වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසයි.

Rate this item
(0 votes)

Related items