April 18, 2024

මම අඳින්නේ මට ඕනේ ඇඳුම - අලි සබ්‍රිට මල පනී : මෙයා හැසිරෙන්නේ රස්තියාදුකාරයෙක් වගේ - තුෂාර ඉඳුනිල්

September 25, 2020

ටයි කෝට් ඇඳන් ඉන්න අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා අපේ ආණ්ඩුවේ හා මේ ආණ්ඩුවේ වැරදි කරන අයට දඬුවම් දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සමඟි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ දෙපාර්ශවය අතර දැඩි වචන හුවමාරුවක් සිදු විය.

එහිදී අලි සබ්‍රි මහතා "මට ඕනේ ඇඳුම මම අදින්නේ, මොකක්ද ප්‍රශ්නේ?, මෙතන ජාතිවාදය අවුස්සන්න එපා." යැයි ඇඟිල්ල දික් කරමින් දැඩි කෝපයෙන් පිළිතුරු දෙන ලදී.

ඒ අවස්ථාවේ ඊට මැදිහත් වූ සමඟි ජන බලවේගයේදී තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා සඳහන් කළේ පාර්ලිමේන්තුවට අලුතින් පැමිණි මෙයා ගණන්කාරයෙක්, රස්තියාදුකාරයෙක් ලෙස කේන්තියෙන් හැසිරෙන ආකාරය අනුමත කළ නොහැකි බවය.

මේ වියත් මඟ ද යන්න ප්‍රශ්න කළ ඔහු සබ්‍රි මහතාට මොන්ටිසෝරි පුහුණුවක් ලබා දිය යුතු බවද යෝජනා කරන ලදී.

කෙසේවෙතත් අවසානයේ අලි සබ්‍රි මහතා මෙම සිද්ධිය පිළිබඳව සමාව අයදින ලදී.

Rate this item
(1 Vote)
Last modified on Friday, 25 September 2020 11:09