May 03, 2024

“සීතාගේ ටෝච් එක සහ කුඬේ” - ආණ්ඩුව පෙන්වන කෙටි චිත්‍රපට ගැන තුෂාර ඉඳුනිල් කියයි

November 12, 2020

ජනාධිපතිවරයා තේරී පත් වී වසරක් ගෙවී ඇති බැවින් එම වසර තුළදී කළ සියලු වැඩ පිළිබඳව කෙටි වීඩියෝ සටහනක් නිර්මාණය කරන්න යැයි අමාත්‍යංශ වෙත පවසා ඇති බව තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා විසින් අද (12) දිනයේ පාර්ලිමේන්තුවේ සිය කතාවේ දී කියා සිටියේය.

එම අමාත්‍යංශවලින් නිලධාරීන් විසින් මෙම කෙටි වීඩියෝ සටහන හදන්නට යැයි කිව්වත් කුමක් ගැනද හදන්නේ යන්න ඔවුන්ගෙන් විමසා සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

එහිදී ඔහු කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් පොහොර නැතිව රටේම තිබෙන කුඹුරු පාළු කළ හැටි වීඩියෝ සටහනක් නිර්මාණය කළ හැකි බවයි.

එමෙන්ම දයාසිරි ජයසේකර අමාත්‍යවරයා විසින් බතික් ඇමතිවරයා ලෙස බතික්වලින් ජාතික කොඩියක් නිර්මාණය කිරීමත්, සිංහයා කඩුව මැද්දෙන් අල්ලාගෙන සිටින කොඩිය නිර්මාණය කිරීමත්, මැටි ඇමතිවරයා විසින් පවිත්‍රා ඇමතිවරියට ගඟට දාන්න කළගෙඩි හදපු හැටිද කෙටි වීඩියෝ ලෙස නිර්මාණය කළ හැකි බවද පවසා සිටියේය.

එමෙන්ම සෞඛ්‍ය ඇමතිවරිය විසින් කළගෙඩි ගඟට දාපු හැටි, චන්න ජයසුමන සුදර්ශන පැණිය හදපු හැටි සහ විමල් වීරවංශ මහතා විසින් පොම්පයෝ ලංකාවට පැමිණි අවස්ථාවේ හැංගුණු හැටිත් කෙටි වීඩියෝ ලෙස නිර්මාණය කළ හැකි බවද පවසා සිටියේය.

සීතාගේ ටෝච් එක සහ කුඩේ කියන කෙටි චිත්‍රපටයද පෙන්විය හැකි බව ප්‍රකාශ කර සිටියේය. 

මේ වසර තුළ නිර්මාණය කළ හැකි කෙටි චිත්‍රපටයන් ලෙස මේවා පෙන්විය හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Thursday, 12 November 2020 16:14

Related items