June 01, 2024

පාඨලීගේ පිම්මෙන් පසු සමගි ජන බලවේගය වෙනස් කර නව සන්ධානයක්! නව ලකුණකින් ඉදිරි මැතිවරණයට

December 22, 2020

සමගි ජන සන්ධානය නමින් නව ලකුණකින් ඉදිරි මැතිවරණ සඳහා තරඟ කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

මෙම යෝජනාව 19 වනදා බණ්ඩාරවෙලදී රැස්වූ සමගි ජන බලවේගයේ විධායක සභාවට ඉදිරිපත්ව ඇති අතර විපක්ෂයේ සෙසු පක්ෂ ඒකාබද්ධ කරගනිමින් මෙලෙස නව සන්ධානයක් ගොඩනැගිය යුතු බවට එහිදී තීරණය කර ඇත.

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථා කෙටුම්පතට ද එම පක්ෂයේ විධායක සභාව අනුමැතිය පළ කර තිබේ.

ඒ අනුව එළඹෙන ජනවාරි පළමු වැනිදා සිට නව පක්ෂ ව්‍යවස්ථාව ක්‍රියාත්මක බව විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ සඳහන් කළේය.

එම පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකත්වය වසරක් පාසා රැස්වන මහා සම්මේලනයක් මගින් තොරාගනු ලබයි.

පක්ෂ නායකත්වයට සිය අභිමතය පරිදි කෘත්‍යාධීකාරී මණඩල සාමාජිකයන් පත්කළ නොහැකි අතර එහි උපරිම සාමාජික සංඛ්‍යාව 75කි. පක්ෂයේ පොදු තීන්දු ගැනීමේ බලතල පක්ෂ කළමණාකරණ කමිටුවකට පැවරෙන බවට වගන්තියක් ද සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත.

පක්ෂයේ විධායක සභාව සඳහා සාමාජිකයන් පත් කිරීමේදී කලමණාකරන කමිටුවට සහා පක්ෂ නායකත්වයට සම අවස්ථාවන් හිමිවේ.

සමගි ජන බලවේග ව්‍යවස්ථාව මගින් නියෝජ්‍ය නායක ධුරයක් ඇති නොකිරීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් සභාපති, මහ ලේකම් යන තනතුරු දෙක පරිපාලන කටයුතු වලදී ඉහළ තනතුරු ලෙස නම් කර තිබේ.

එමෙන්ම ආසන සංවිධායකයන් පත් කිරීමේදී එය පක්ෂයේ විධායක සභාවේ සහ කෘත්‍යාධීකාරී මණ්ඩලයේ පූර්ණ අනුමැතියට යටත් විය යුතු බවට එහිදී තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ජාතික හෙළ උරුමයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ පාඨලී චම්පික රණවක මහතා එම තනතුරින් සහ ජාතික හෙළ උරුමය පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වූ අතර බොහෝ දෙනා පැවසූවේ ඔහු සමගි ජනබලවේගයේ උසස් තනතුරක් බාර ගන්නා බවයි.

පාඨලී චම්පික රණවක මහතා සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරයකු ලෙස මෙවර මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

Rate this item
(0 votes)